දේශපාලන පළිගැනීමට ලක්වූ අයට සාධාරණයක් ඉටුකිරීමට අගමැතිගෙන් යෝජනා
යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමට ලක්ව නඩු පැවරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන්ට මානසික සහ සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවට මෙන්ම නඩු කටයුතු සඳහා දැරීමට වූ වියදම් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යෝජනාවක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව දේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා සාධරණ වන්දි මුදලක් හෝ වෙනත් සුදුසු සහනයක් ලබාදීමටද යෝජිතය.
රක්ෂිත බන්ධනාගාරගත කර චෝදනා ඉදිරිපත් කර නඩු පවරන ලද හා ඉන්පසු අධිකරණය මඟින් නිදොස් කර නිදහස් කරන ලද එවකට රාජ්ය/ අර්ධ රාජ්ය සේවයේ නියුතුව සිට දැනට විශ්රාම ලබා ඇති නිලධාරීන්, සේවය අවසන් කර නැවත සේවයේ පිහිටුවන ලද නිලධාරීන් සහ එසේ නිදහස් කරන ලද නිලධාරීන්ගෙන් නැවත රාජ්ය / අර්ධ රාජ්ය සේවයේ විවිධ තනතුරුවල මේ වනවිටත් සේවයේ නිරතව නිලධාරීන් සැබෑ ලෙසම දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ බවට රජය විසින් නිල වශයෙන් පිළි ගැනීමටද අග්රාමාත්යවරයා විසින් යෝජනා කර ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ පුද්ගලයන් හඳුනාගැනීමට හා සුදුසු වන්දි මුදල් ගණනය කිරීමේ හෝ වෙනත් සුදුසු සහන යෝජනා කිරීමේ ක්රමවේදයක් සැකසීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමටද යෝජනා කර තිබේ.
මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්රය මේ වනවිට සකස් කර ඇති බවත්, අග්රාමාත්යවරයා විසින් එය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කර තිබූ බවත් වැඩිදුරටත් වාර්තා විය.
popular news
-
Dayan Friday, 03 September 2021 11:29 AM
Yes. Draw a system to distribute public funds for your goons. Before leaving make the country no one can bring back.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

