දෙවනි වතාවටත් රටේ ජනාධිපති වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා - නිශාන්ත
ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බැව් ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේ අද (17) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
මැතිවරණයට කලින් පුළුල් සන්ධානයක් බිහිවෙනවා. ජනාධිපතිවරණයට අපි භය නැහැ. එ.ජා.ප ජනාධිපතිවරණ අපේක්ෂකයා තමයි අපේ පොදු හතුරා. පොදු සටනකට ගිහින් ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කරන්නේ අපි. ශ්‍රි ල.නි.පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පුළුල් සන්ධානයේ අපෙක්ෂකයා හැටියට එතුමා මෙවරත් ජනාධිපති ධුරයට පත්වෙනවා. මේක කියන්න සමහරක් අය භයයි. ඇඹරෙනවා. ඇඹරෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා .
ශ්‍රි.ල.නි.පක්ෂයේ සභාපති වර්තමාන ජනාධිපතිතුමා අයින් කරලා ගොඩනගන සන්ධානය මොකක්ද? එහි නායකත්වය අපේක්ෂකත්වය ජනාධිපතිතුමාට දෙන්න ඕන. එතුමාට නොදි කරන්න බැහැ.
ජනතාවගෙන් තමයි අහන්න ඕන මොන මැතිවරණයට ද කැමති කියලා. රටේ බහුතරයක් ජනතාව ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊටත් කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ලැබෙන්නේ ඔය දෙකම නෙවෙයි. පළාත් සභා මැතිවරණයයි.
පළාත් සභා මැතිවරණය ලබන මැයි මාසයෙන් පසුවට දමන්නට සදාචාරත්මක අයිතියක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සුදානම් ඕනැම වෙලාවක පළාත් සභා මැතිවරණය පවත්වන්න. ප්රජාතන්ත්රවාදය ගරු කරන අය හැටියට පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාගෙන් බලකොට ඉල්ලා සිටිනවා යැයි ඔහු පැවසිය.

popular news
-
Champa Sunday, 17 February 2019 03:37 PM
අරයට පිස්සුද කියලා හොයන්න දාපු නඩුවට කලින්, මෙයාටත් පිස්සුද කියලා අහල නඩුවක් තිබ්බ නේද උසාවියේ?
Reply : 0 0
rocky Monday, 18 February 2019 06:52 AM
මහත්තයෝ, චන්දෙ දෙන්නේ ඔබ විතරක් තනියම නොවෙයි. රටේ ජනතාවට තවම චන්ද අයිතිය තියනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුව , ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළ කෙනෙකුව, පවුල්වාදය පෝෂණය කරන කෙනෙකුව ආයෙත් සැරයක් පත් කර ගන්න ඔහෙලට උවමනා ඇති. අපිට කොහොමටවත් උවමනා නැහැ. අපි දෙන්නම් වැඩේ නියමෙට, ඔහෙලට දවල් තරු පෙනෙන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
