දෙවන දිනටත් වතුකරයේ බස්රථ ධාවනය නොවිමෙන් මගීහු දුෂ්කරතාවක
ජනාධිපති මැතිවරණය සදහා ඡන්දය භාවිතා කිරිම සදහා වතුකරයට පැමිණි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් දෙවන දිනටත් බස් මගින් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇත.
මෙම තත්ත්වයන් මත අද ( 19) වන දිනද හැටන් බස් රථ නැවතුම්පළ භුමියේ විශාල මගින් ප්‍රමාණයක් රැඳි සිටින අතර බස් රථ නිසි ලෙස නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට එම මගින් චෝදනා කරති.
මෙසේ නිසි ලෙස බස් රථ නොමැති විමෙන් ඊයේ 18වන දිනද කොළඹ යාමට පැමිණි නැවත නිවෙස් බලා ගිය බවද සමහර බස් මගින් පවසන ලදි.
එමෙන්ම මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට බලා සිටින සමහර පුද්ගලික බස් රථ හැටන් සිට කොළඹ බලා ගමන් කිරිමට අය කරන රුපියල් 185/= වෙනුවට රුපියල් 300/= අයකරන බවද එම බස් මගිහු පවසති.
එම තත්ත්වයන් පිළිබඳව හැටන් පුද්ගලික බස් රථ කාර්යාලයෙන් කරන ලද විමසිමකදි මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අවසරය මත අර්ධ සුඛෝපභෝගි බස් රථ ගාස්තු අය කර පුද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බවද එහි නිලධාරියකු පවසන ලදි.
හැටන් - චන්ද්‍ර සෙල්ලහේවා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

