දූෂිත රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් සන්ධානගත වෙලා
තම ධුර කාලය තුළදී ලෝකයේ දූෂණයට එරෙහිව ක්‍රියා කරන රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හෙතෙම මේ බව අවධාරණය කළේ අද (25දා) පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක් සේ එකට ගමන් ගන්නා බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අල්ලස සහ දූෂණයද අපරාධ සහ මත්ද්‍රව්‍යද ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදෙන ප්‍රධානතම අභියෝගය බව කියා සිටියේය.
දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයන් පාට පක්ෂ භේදයකින් තොරව සන්ධානගත වී දූෂණ විරෝධී වැඩපිළිවෙළ වැළැක්වීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මෙහිදී කියා සිටි ජනාධිපතිවරයා කුමන බාධක පැමිණියද එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.

popular news
-
Champa Wednesday, 25 July 2018 10:38 PM
ස්වයං විවේචනයක්. උම්මා එකක් දෙන්න ඕනේ මේ කතාවට. "දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයන් පාට පක්ෂ භේදයකින් තොරව සන්ධානගත වී" ඇතිබව පිළිගත්ත එක ගැන. ආණ්ඩු බලය තියෙන පක්ෂ වල ඉන්න යහපාලන දේශපාලකයෝ ගැන තමයි මේ කියන්නේ. ඒ මොකොද කිව්වා නම් බලය නැති දේශපාලකයන්ට මුකුත් කරන්න බැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

