දුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා අද (22දා) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය කළමනාකරණ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු අදාළ ගැටලු විසඳන තෙක් දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීම්වලින් ඉවත් වන බවත් සේවාවට අයත් අනෙක් රාජකාරී දෙපාර්තමේන්තු නීතිරිතිවලට අනුව පමණක් සිදුකරන බවද එම සංගමයේ ලේකම් කමල් පීරිස් මහතා පවසා සිටියේය.
වැටුප් හා දීමනා ගැටලු විසඳීමට කටයුතු නොකිරීම, පැය 08 වැඩ දිනය ලබා නොදීම හා දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කිරීමට ගන්නා උත්සාහයන් පරාජයට පත් කිරීම මූලික කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද පැවසීය.
