කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බණ්ඩිරිප්පුව දේවස්ථානය හා ලුණුවිල දුම්රිය ස්ථානය අසලදී අද (12දා) සවස දුම්රියක ගැටී දෙදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩිරිප්පුව දුම්රිය මාර්ගය ආසන්නයේ නිවසක පදිංචිව සිටි අම්බරා මුත්තුසාමි නමැති කාන්තාවකි.
අද සවස 4ට පමණ හලාවත දෙසට පරීක්ෂණ ධාවනයක යෙදී ඇති දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත් දුම්රියක් එන බව නොදැක මියගිය කාන්තාව දුම්රිය මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අනාවරණය වී තිබේ.
අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන වෙන්නප්පුව පොලීසිය සිදුකරයි.

නයිනමඩම චන්දන ප්රනාන්දු