පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පොළොන්නරුව - මඩකලපුව දුම්රිය මාර්ගයේ අද අලුයම ධාවනය වූ දුම්රියක වනඅලියෙකු ගැටී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
අවුරුදු 30ක් පමණ වයසැති මෙම වනඅලියා අද අලුයම 2ක්ට පමණ දුම්රියේ ගැටී තිබේ. අසාධ්‍ය තත්ත්වයෙ පසු වූ වනඅලියාට ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් හා වැලිකන්ද වනජීවී නිලධාරීන් එක්ව ප්‍රතිකාර කර ඇත.
වනඅලියාගේ ගැටීම හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව දුම්රිය මාර්ගයට අලාභානි සිදුව ඇති අතර අද උදෑසන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාදයට ලක්ව ඇති අතර පසුව දුම්රිය නඩත්තු සේවකයන් මැදිහත්වීමෙන් එය යථාතත්ත්වයට පත්කොට තිබේ.







තුෂාර තේනනකෝන - පොළොන්නරුව