දුම්රියක ගැටී තරුණියන් දෙදෙනෙකු මරුට
ගම්පහ ප්රදේශයේ ගම්පහ දාරළුව දුම්ර්ය ස්ථාන අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක ගැටී ඊයේ (10දා) තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පල්ලිය පාර පදිංචි ඉදුරගේ දිලිනි මදුෂානි නමැති 22 හැවිරිදි තරුණියක සහ මීගමුව ශානිත්නිකුලාපාර පදිංචි මල්කා ෂෙහානි නමැති 21ක් හැවිරිදි තරුණියකි.
අදාළ තරුණියන් දෙදෙනා එකම ඇඟලුම් කම්හලක සේවයේ නිරතව තිබේ.
මියගිය තරුණියන් දෙදෙනාගේ මෘත ශරීර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ගම්පහ පොලීසිය සිදුකරයි.

popular news
-
da Wednesday, 11 July 2018 09:29 PM
aiyoo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

