අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක කාලයක් වර්ජනයක් සිදු කිරීමට නියමිත දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය අාචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (30දා) සවස පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවලදී හෙට (31දා) දිනයේදී ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බවද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අමාත්‍ය සරත් අමුණුගම මහතා අවස්ථාවක් ලබාදී තිබෙන බවත් මේ අනුව අද සවස මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
එම සාකච්ඡාවෙන් පසු අවසන් තීරණයට එළඹෙන බවද හෙතෙම කියා සිටියේය.
