දුම්රිය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව පුළුල් පෙරමුණක්
දුම්රිය සේවය පෞද්ගලික කිරීම යටතේ පළමු වැඩපිළිවෙළ බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය සඳහන් කරයි.
මේ අනුව එම කොටසේ කටයුතු වසර 40කට විදේශීය සමාගමකට බදු ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය අදුරක්විල චන්ද්‍ර‘ජෝති හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා සේවකයන් මගින් ආණ්ඩුවේ මෙම උත්සාහය පරාජයට පත්කරන බවත්, ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කළ බවත් උන්වහන්සේ පවසා සිටියහ.
අද (20දා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැති දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් චන්ද්‍ර‘ජෝති හිමියෝ මේ බව අවධාරණය කළහ.
එච්.අයි. තුෂාර /ඡායාරූප - ෂමීර රාජපක්ෂ




popular news
-
thilak Monday, 20 August 2018 09:35 PM
දුම්රිය දෙපාර්තමේන්තුව පවුද්ගලික කලයුතුය එසේ නොකරන්නේනම් මේ ස්වාමින් වහන්සේ ජනතා සේවය කරන ආයතනයක් බවට වගකීම ගතයුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

