දිස්ත්රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්රමාණයක් පානීය ජල ගැටලුවකටමුහණපා සිටිති.
ක්රම ක්රමයෙන් පානීය ජල මූලාශ්ර සිඳීයාම නිසා බොහෝ පිරිසකට පානීය ජලය සොයා ගැනීමට කිලෝමීටර් දෙක තුනක ප්රමාණයක් ගමන් කිරීමට සිදුව තිබෙන බවද වාර්තාවේ.
මේ අනුව යාපනය දිස්ත්රික්කයේ පවුල් 30408කට අයත් පුද්ගලයන් 110,156ක්, වවුනියාව දිස්ත්රික්කයේ පවුල් 828කට අයත් පුද්ගලයන් 3648ක්, කිලිනොච්චිය දිස්ත්රික්කයේ පවුල් 21,272කට අයත් පුද්ගලයන් 72,263ක්, මන්නාරම දිස්ත්රික්කයේ පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
කුරුණෑගල දිස්ත්රික්කයේ පවුල් 726කට අයත් පුද්ගලයන් 14,155ක්, පොළොන්නරුව දිස්ත්රික්කයේ පවුල් 30කට අයත් පුද්ගලයන් 120ක් සහ අනුරාධපුර දිස්ත්රික්කයේපවුල් 3374කට අයත් පුද්ගලයන් 10,145ක් පීඩාවට පත්ව සිටින අතර, අනුරාධපුර මහ විලච්චේනිය ප්රදේශයට හා නොච්චියාගම ප්ර‘දේශවල පදිංචිව සිටින පවුල් 3374කට අයත් පුද්ගලයන් 10,145ක් පානීය ජල ගැටලුවලට මුහුණදී සිටින්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිටය.
මේ නිසා මෙම ප්ර‘දේශවල ගොවිතැන් කටයුතුවලින් ජීවත්වන ජනතාවට තම ජීවන මාර්ගද අහිමි වී තිබේ.
