දිවියා මරා දැමීම ගැන පරීක්ෂණයක්
වඳ වී යෑමේ අවදානමට පත්ව සිටින ආරක්ෂා කළ යුතු සත්ත්ව ගණයට වැටෙන කිළිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දිවියා මරා දැමූ පිරිස්වලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසීය.
මෙම දිවියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධව තමන් කනගාටු වන බවත් මෙවන් සිද්ධි යළි නොවීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ යුතු බවත් මෙහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඔවුන් හඳුනාගෙන නිත්‍යනුකූලව දඬුවම් ලබා දීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.
අධිකරණ නියෝගයක් ලබාගනිමින් මියගිය දිවියාගේ හම පුරවා මතු පරපුරට දැකගැනීම සඳහා ආරක්ෂා කර තබන බවත් යම් යම් ප්‍රදේශවල සිටින වඳ වී යෑමේ අවදානමක් ඇති සතුන් හඳුනාගෙන ඔවුන් ආරක්ෂා කරගැනීමට වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී මෙවන් තත්ත්වයන් ඇති නොවන්නට කටයුතු සලසන බවද නියෝට්ය අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
චමිල් රූපසිංහ
popular news
-
td Friday, 22 June 2018 04:26 PM
ලංකාවේ මිනිසුන්ගේ නොමිනිස්කම සහ නීතිය වල් වැදී ඇතිබව මේ පළකර ඇති දසුන් වලින් මානවට පැහැදිලිවේ. වනසතුන්ටත් වඩා පහත් මානසික තත්වයකින් කටයුතුකර ඇති බව පැහැදිලිවේ. පොලිසිය පැමිණ ගම්වාසීන් විසිරුවා හැර වනජීවි නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට වතාවරණය සකස් කරදිමවෙනුවට වනජීවි නිලධාරීන් සහ පොලිසිය ගම්මුන්ට කොටියා හෝ දිවියා අල්ලා ගැනීමට ගැනීමට බාරදී ඔවුන්ගේ රාජකාරිය මගහැර ඇතිබව මනාවට පෙන්නුම් කර ඇත. කොටියා හෝ දිවියා මරා දැමීමට අවස්ථාව සලසා දුන් වනජීවි නිලධාරීන් සහ පොලිසිය නිතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දව රජය විසින් පරීක්ෂණයක් කළයුතුව තිබේ. මිනිසුන් නීතිය අතට ගන්නේ නීතිය ක්‍රියාත්මක කරන අයවලුන්ගේ නිසි මැදිහත්වීම නොමැතිවීම බව කණගාටුවෙන් කිවයුතුමය.
Reply : 0 0
Missaka Friday, 22 June 2018 04:30 PM
ම්ලේච්ච කමේ උපත. හරියට ප්රභාකරන් උස්සගෙන ආව වගේ දැක්කේ.
Reply : 0 0
dasun Friday, 22 June 2018 06:07 PM
Please arrest all the murderers who can be identify in the video. Police and wild life ministers must act quickly and firmly here. All the civilized people in north and south will support the authorities to punished them with highest possible punishment.
Reply : 0 0
.................. Friday, 22 June 2018 07:07 PM
සත්තුන්ටද මේ රට අයිතිය. ඔවුන්ගේ නෑදෑයන්, මිතුරන් උතුරේ මෙන්ම දකුණේද ඇත. නැගෙනහිර මෙන්ම බටහිරද ඇත. ඔවුන් හමුවීමට යා යුතුව ඇත. ඔවුනටද මිනිසුන් මෙන් ඕනෑ එපාකම් / අවශ්‍යතා ඇත.
Reply : 0 0
Sagara Friday, 22 June 2018 08:37 PM
me diviya kotinaligoda mahathmiyata baninna athi.
Reply : 0 0
dasun Friday, 22 June 2018 09:42 PM
මේ වනචාරී ම්ලේච්ච මිනිසුන් නිතිය ඉදිරියට වහාම පමුණුවා උපරිම දඩුවම් ලබා දෙන්න. පොලිසිය මොවුන් අත්අඩංගුවට ගෙනිමට මෙතරම් ප්‍රමාද ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

