දිවයින පුරා සිනමා ශාලා නවීකරණ කටයුතු පිළිබඳවත් ප්‍රධාන නගරවල ප්‍රමිතියෙන් යුත් එක් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමටත් ජනපනති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා කලාකරුවන් අතර අද (29දා) පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය.
එසේම කලා රසය ඉහළ නැංවෙන ඉහළ ප්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිවරය දැනුවත් කර ඇත.
දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නගාසිටුවීම වෙනුවෙන් නව අරමුදලක් පිහිටුවීමට ද මෙහිදී යෝජනා වී තිබේ.
