දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට
ඉකුත් ජුනි මස 06 වෙනිදා සිට දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 05 කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 217ක් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 760 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ඊට අමතරව බොර 12 ගිනි අවි 18ක්, පිස්තෝල අවි 01, ගල්කටස් 24ක්, රිපිටර් අවි 18ක්, වෙනත් අවි 05ක්, සජීවී පතොරම් 36ක්, පිහියක් සහ කඩු 03 ක් සමග සැකකරුවන් 52ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක්, ඩෙටනේටර් 23ක්, අත් බෝම්බ 07ක් සමගින් සැකකරුවන් 06 දෙනෙකුද පොලිසිය විසින් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව නීතිවිරෝධී මත්පැන් ලීටර් 179,782ක් සමගින් සැකකරුවන් 5,574ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ වරෙන්තු මත සිටි පුද්ගලයින් 5,110ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 8,750ක් මෙම දින 14 ක කාලය තුලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
