දියණිය ඝාතනය කල පියාට මරණ දඩුවම
තම දියණිය ඝාතනය කල පියාට නුවරඑලිය මහා අධිකරණ විනිසුරු ප්රමිල රත්නායක මහතා විසින් මරණ දඩුවම (04) දින නියම කරන ලදි.
මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ නුවරඑලිය රාගල හල්ගන්ඔය ප්රේදෙශයේ පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති 41 හැවිරිදි දෙදරු පියටය.
2014.10.24 දින රාත්රිු තම නිවසේදි වයස අවු 3 ½ හැවිරිදි සුරේෂ් ඉන්දියා නැමති දියණිය ගෙල සිර කර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ චුදිතට මරණ දඩුවම නියම කරනු ලැබුහ.
චුදිතගේ බිරිද කුවෙට් රාජ්ය යේ ගෘහසේවය සදහා 2014 වසරේදි විදෙස්ගත වි ඇති අතර එහිදි ඇය ශ්රිු ලංකික තරුණයෙකු සමග අනියම් සබදතාවයක් පවත්වා ගනිමින් චුදිත සහ චුදිතගේ දරුවන්ට නොසලකා හරිමින් සිටිම නිසා උරන වු චුදිත තම අවු 3 ½ හැවිරිදි දියණිය ගෙල සිර කර ඝාතනය කර ඇත.
රාගල පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය මහ අධිකරණයේදි නඩු පවරා තිබුණි.
හැටන් රංජිත් රාජපක්ෂ

popular news
-
MsurNjani Thursday, 21 April 2022 10:07 AM
Gotaapo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
