දීපාවලී උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
අද (06) සහ හෙට (07) දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්රදේශ වෙත මෙන්ම යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්රදේශ වෙත විශේෂ ගමන්වාර ක්රියාත්මක කර තිබේ.