මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයක් බවත් එය තමන්ට කිරීමට ඉඩ දෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය කියලා තමන්ට හිතෙන එක එක දින ප්‍රකාශ කරන්න එපා.
අගෝස්තු මාසයේ 4 වැනිදා ඉදලා අගෝස්තු මස 19දා වෙනකම් සියලුම දින ප්‍රකාශයට පත්කරනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා අපි මැතිවරණය සෙනසුරාදා තියන නිසා 8 දා හා 15 දා සෙනසුරාදා දින දෙක.
මේ දින දෙක තුළ අපි මැතිවරණය තිබ්බොත් ආයිත් කියනවා අපි දිනය කිව්වා කියලා.
කරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න.
දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.
මෙන් ඡන්ද විමසීමට අපි දවස් 60 ක් ගත්තත් 70ක් ගත්තත් අපිට මේ පාර අමාරුයි. අපිට තිබෙන්නේ ජුනි 20 වැනිදා වෙනුවට ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කිරීමයි”
