ශ්‍රී ලංකාවේ නවතම දත්ත අනුව දිනකටමුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු බැගින්වාර්ෂිකව 2,000ක් අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
පසුගිය වසර පහක දත්ත අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන මුඛ පිළිකා රෝගීන්ගෙන් 40%ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්,මෙම රෝගීන් අතරින්තිදෙනෙකු දිනකට මියයන බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
අවදානම් සාධකවලට වැඩි කාලයක් නිරාවරණය වීම හේතුවෙන් වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මුඛ පිළිකාව වැඩි වශයෙන් වැලඳෙන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.
පිළිකා රෝගීන්ගෙන් 11%ක් මුඛ පිළිකා රෝගීන් බවත්,පිළිකා රෝග සහිතපිරිමින්ගෙන් 18%ක් මුඛ පිළිකා රෝගීන් බවත් එම කාර්යාංශය පවසයි.
මුඛපිළිකා රෝගීන්ගෙන් 78%ක් පිරිමි පුද්ගලයන් බවත්,කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් මුඛ පිළිකාවට 07වැනි ස්ථානය(4.6%) හිමිවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
පාසල් ළමයින් අතර දුම්කොළ,පුවක් ආශ්රිත නිෂ්පාදන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්,මෙම තත්ත්වය වහාම නතර කරගත යුතු බවත් පෙන්වා දෙන එම කාර්යාංශයසෞඛ්ය අමාත්‍යාංශය,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,ජාතික පිළිකා මර්දන වැඩසටහන එක්ව මෙවර හිස සහ ගෙල ආශ්රිත පිළිකා පිළිබඳ ජාත්‍යන්තර දිනය ස්වයං මුඛ පරීක්ෂාවට විනාඩියක්‘ යන තේමාවෙන් ජූලි 27 වැනිදා ශ්‍රී ලංකාවේදී සමරන බවද එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
