අද (19දා) සවස 04.00න් අවසන් වූ පැය 48 ක කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් විසිපහක් (25) වාර්තා වී තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මෙම සිද්ධීන් අතර පහරදීම් සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙන බවත්, එම සිද්ධීන්වලින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
බැණ තර්ජනය කිරීම් හා පහරදීම්, රැස්වීම් පැවැත්වීම්, පෙළපාලි පැවැත්වීම් පිළිබඳ සිද්ධීන් වාර්තා වන බවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව “අද” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වන බවත්, කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවත්ය.
ඇතැම් සිද්ධීන් බීමත්කම නිසා සහ පෞද්ගලික අමනාපකම් නිසා සිදුව තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
