පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පසුගිය දින 06 තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී බීමත් රියැදුරන් 1,321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව මෙම කාලය තුළ රථවාහන නඩු 27,954ක් ලබාගෙන ඇත. පසුගිය 14 වැනිදා උදෑසන 7.00 සිට ඊයේ (19දා) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකර තිබේ.
බීමත් රියැදුරන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර ඇත.
