හමුදා බළඇණි ප්‍රතිසංස්කරණය කිරීම ඕනෑම හමුදාවක් සිදු කරන කටයුත්තක් බවත් වත්මනෙහි හමුදාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාදාමයන්ට එක්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යුද හමුදා කඳුවුරු ඉවත් කිරීම සහා බළඇණි අඩු කිරීම මෙන්ම හමුදාව සංඛ්‍යාත්මකව අඩු කිරීමට කටයුතු කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (18දා) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
“රටේ හමුදාව පාලනය කරන්නේ ඒ අය ගන්න තීරණය අනුවයි. යුද්ධ හමුදාව තුළ තනතුරු අඩු කර නෑ. උසස් වීමට ප්‍රශ්නයක් නෑ. කඳවුරු ගණන අපට කියන්න අවශ්‍යයි. හමුදා බළඇණි ප්‍රතිසංවිධානය කිරීම ඕනෑම හමුදාවක කරනවා. දැන් හමුදාවට පුළුවන් එක්සත් ජාතීන්ගේ සාම වැඩවල යෙදෙන්න. අද ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය නිසා නාවික හමුදාව අවධානය යොමු වී තිබෙනවා. අලුත් ආරක්ෂක අමාත්‍යාංශයට මොකක්ද සිදු වුණේ? කොච්චර වියදම් වුණාද? හමුදාව ආරක්ෂා කරලා ඉදිරියට යන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බළඇණි ප්‍රතිසංස්කරණය ඕනෑම හමුදාවක සිදු කරන දෙයක්“ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් “සංඛ්‍යාත්මකව අඩු වූ සමහර බළඇණි එකතු කරන්න කටයුතු කෙරෙනවා. සංඛ්‍යාත්මකව අඩු කිරීමක් සිදු කර නෑ. කිසිසේත් ම කඳවුරු ඉවත් කරන්නේ නෑ. හමුදාව සංඛ්‍යාත්මකව අඩු කර නෑ. මෙය යුද හමුදාව ගත් තීරණයක්. පරිපාලනයට අවශ්‍ය ලෙස ගත් තීරණයක්. ජාතික ආරක්ෂව පහළ දැමීමටවත්, ජාත්‍යන්තර බලපෑමක්වත් නොවෙයි සිදු කර තිබෙන්නේ. මෙය හමුදාව ගත් පරිපාලන තීරණයක්.“යැයි පැවසීය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි