රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
මේ වනවිට රනිල්ගේ සහ සජිත්ගේ සටන තියෙන්න ආණ්ඩුව අල්ලන්න නොවන බවත් ඒ අයගේ සටන තියෙන්නේ සිරිකොත අල්ල ගැනීම බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසයි.
අගමැතිවරයයා බව සදහන් කලේ පසුගිය 5 දා සවස අම්බලන්තොට පල්ලෙරොට ප්රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ අගමැතිවරයා මෙසේද කීහ.
'' දැන් ඒගොල්ලන්ගේ සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙමෙයි සිරිකොත අල්ලන්න .මම දැක්කා පත්තරේක තිබුනා අපේ මූලික පරමාර්ථය සිරිකොත ඇල්ලීමයි කියලා තියෙනවා.කවුද මේවා කියන්නේ සජිත් මහත්තයාගේ ගෝලයෝ.ඉතින් මම අහන්නේ සිරිකොත අල්ලන්න මෙච්චර දගලන්න ඔනාද?ඉතින් මේ ලැබිල තියෙන වාරය රටට ගමට වැඩක් කරන පක්ෂයකට දෙන්න.ජනාධිපතිවරයා එක පක්ෂයක ඉදගෙන අගමැතිවරයා තවත් පක්ෂයක හිටියොත් වැඩක් කෙරෙයිද?කෙරෙන්නේ නෑ අපි පහුගියකාලේ ඒක හොදින්ම දැක්ක බව''අගමැති මහින්ද රාජපක්ෂ පවසා සිටියේය.
''.අපි බලන්න ඕන දිස්ත්රික්කයක් ගැන නෙමෙයි රටක් ගැනයි.අද මේ දිස්ත්රික්කය ඉතා ඉහලින් සංවර්ධනය වෙමින් පවතිනවා.එජාපය ඇවිත් අවුරුදු 05ක් මේක නවතා දැමුවා මොකද සජිත්ට ඕනෑකමක් තිබුනේ නෑ එයා කලේ යාල කැලයට ගිහින් දවල්ට අලි බැලුවා රෑට කොටි බැලුව එක විතරයි''
''මම ලගදි සිතුල්පව්ව ගිය වෙලාවක යාල පැත්තෙන් ඇවිදගෙන ආවා.යාලට ගියාම මට කවුද කෙනෙක් කිව්වා සජිත් රෑට එනවලු කැමරාව සෙට් කරගන්නවා වැවක් ගාව ඊට පස්සේ බොනට් එක උඩට වෙලා නිදාගන්නවලු.කොටියෙක් ආවාම කෙනෙක් ඇවිත් අවදිකරනවලු කොටියෙක් කොටියෙක් කියලා.මිනිහ නැගිටලා පින්තූරයක් ගන්නවලු.එතුමාට වැඩ නැති හින්දද මන්ද එහෙම කලේ.කොහොමහරි මට මේක යාලේ අයමයි කිව්වේ.ඉතින් ඒක එයාගේ විනෝදාංශය.ඒවා හොදයි නමුත් දිස්ත්රික්කයටත් වැඩ කරන්න එපාය.මම හිතන්නේ එයා එදා ඉදලම තීන්දුකරලා ඉවරයි කොළඹට යන්න.අපේ හාදයෝ ටිකකුත් එයාගේ වටේ ගියා.ඒකයි උනේ.ඊයේ ආවා තරුණයෙක් එයා කිව්වා අපි වැරද්දක් කරගත්තා කියලා.ගමේ මිනිහා අතහැරලා පිට මිනිහෙක් ගෙනාව කිව්වා.දැන් ඌ ගිහිල්ලා අපිට හරිම ප්රශ්නයක් කිව්වා.යන්න තැනක් නෑ ඒ නිසා දැන් ගමේ මිනිහා ගාවට ගිහිල්ලා ගමේ මිනිහත් එක්ක වැඩකරන්න ඕන කියලා කිව්වා.ඉතින් පිට මිනිහෙක් ගත්තම තියෙන ප්රශ්නය ඔන්න ඕක තමයි.අන්න ඒවාගේ එජාපයෙන් කැඩිච්ච බොහෝ පිරිසක් අද අපිත් එක්ක ඉන්නවා.''
දැන් අපිට ආණ්ඩුවක් ඕන.තුනෙන් දෙකේ බලය ඕන.ඒ බලය ගන්න අපි දාපු අපේක්ෂකයන්ව ජයග්රහණය කරවන්න ඕන.එක තුලින් තමයි ඒ බලය අපිට ලැබෙන්නේ.ආපහු එහාට මෙහාට පනින්න ඉඩ තියන්නේ නෑ අපෙන් ඉල්ලලා ඊට පස්සේ වෙනත් වරප්රසාද වලට අනෙක් පැත්තට යන කට්ටියක් ඉන්නවා.එහෙම වෙන්නේ නෑ මින්පස්සේ .එහෙම වෙන්නත් බෑ රටේ ජනතාව ඒකට ඉඩතියන්නෙත් නෑ .අපිට රටක් සංවර්ධනය කරන්න ඕන.වරාය වික්කා.ගුවන් යානා ගෙන්න ඕන ගුවන්තොටුපලට වී ගෙනත් දැම්මා මතක ඇති ඔය අයට .ගුවන්යානා ගෙන්න ගන්න ඕන ආණ්ඩුව වී ගෙනල්ලා ගබඩා කරලා විනාශ කරා.ඒ අපිත් එක්ක ,මේ හම්බන්තොට දිස්ත්රික්කය එක්ක එජාපය පුදුම තරහක් තියෙන්නේ.මම දන්නේ නෑ මොකද්ද මේ වෛරය කියලා.මම කියන්නේ මේකට ඉරිසියාව කියලා.ඒගොල්ලන්ට කරන්න බැරි උන සංවර්ධන කටයුතු අපි කරපු නිසා.අපි පටන්ගත්ත බොහෝ දේවල් මේ අය කලේ නෑ .අර මන් ඉස්සරවෙලා කිව්වා වගේ පොටෝ ගන්න යාල කැලයට ගියා මිසක් රට ගැන හිතුවේ නෑ මේ අය.අපි කරපු වැඩපිළිවෙල හැර වෙනත් කිසිම වැඩපිළිවෙලක් පහුගිය අවුරුදු පහේම කෙරුනේ නෑ .ඒ නිසා මේ අයට නැවතවාරයක් බලය ඉල්ලන්න කිසිම අයිතියක් නැති බවද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසා සිටියේය.
