දළදා මාළිගාවේ කෞතුක භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පැරණි උසාවි ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තැන්පත් කර තිබූ කෞතුක භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළා යාමට උත්සාහ කළ පුද්ගලයකු කෞතුකාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් අල්ලා දළදා මාලිගාවේ පොලිස් ඒකකයට භාර දී තිබේ .
කුණ්ඩසාලේ පදිංචි 23 හැවිරිදි සැකකරුඑම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රිදී පබුළු, රන්සිවි ඇතුළු කෞතුක භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළා යාමට උත්සාහ කිරීමේදීඑසේ අත්අඩංගුවට පත්ව තිබේ .
ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයතුළ ලෝකය බෞද්ධ රටවල් වල පෞරාණික භාණ්ඩ තැන්පත් කර තිබෙන අතරඒ සෑම ප්‍රදර්ශන කුටියකම සී.සී.ටී.වී. කැමරා ඇතුළු ආරක්ෂිත උපකරණ සවි කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි දළදා මාලිගාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ සිදුකරයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

