දළදා මාළිගාව අසල රූගත කිරිමක් කර විදේශිකයින් දෙපළකට විරෝධය
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේදි විදේශිකයන් පිරිසක් උඩරට මුල් ඇදුම් වලින් සැරසි ඊට අවමන් වන ලෙස රූගත කිරිම් යෙදිමේදි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් එතනට පැමිණි පොලීසිය විසින් එම විදේශිකයන් පිරිස එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
ඊයේ (02) පස්වරුවේදි එක් විදේශිකයෙක් නිළමේ ඇදුමින් සිට ඇති අතර අනෙක් විදේශිකයා ඔසරියක් හා සමාන ඇදුමකින් සැරසි මෙම රූගත කිරිම් කරන අතර තුරදි අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ වරයා සහ ප්‍රදේශවාසීන් විසින් මේ සඳහා තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර සිංහල අනන්‍යතාවට සංස්කෘතියට අයිති මෙම නිළමේ ඇදුම භාවිතා කරමින් ඊට නිගා දෙන ආකාරයෙන් කටයුතු කිරිම සඳහා ඉඩ තැබිය නොහැකි බව අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ වරයා සහ ප්‍රදේශවාසීන් විරුද්ධත්වය ප්‍රකාශ කිරිමත් සමග එතනට පැමිණි සංචාරක පොලීසිය විසින් මෙම ගැටලුව සමතයකට පත් කිරිමට සමත් වි ඇත.
මෙම විදේශිකයන්ගේ මෙරට නියෝජිතවරිය විසින් මෙම රූගත කිරිම් සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගෙන ඇති ලිපිද පොලීසියට හා විරෝධය දැක්වුවන්ට පෙන්වා ඇති අතර ඇති වු විරෝධය හමුවේ පටිගත කළ දර්ශන මකා දැමිමට පොලීසිය විසින් පියවර ගෙනද ඇත.

popular news
-
Champa Wednesday, 03 April 2019 06:35 PM
මේක නිකම් රූගත කිරීමක් නෙමෙයි. කන්ද උඩරට පිරිමි සහ කාන්තා රජ ඇඳුම් ඇඳපු සමලිංගික විවාහයක් රූගත කරන්න හදල තියෙන්නේ. නිකම් සාමාන්‍ය තැනකත් නෙමෙයි. දළදා මාලිගාව ඉදිරිපිට. විදේශිකයන්ට බැනල වැඩක් නැහැ. මේකේ අධ්‍යක්ෂිකාව ලංකාවේ සිංහල ගෑනියෙක්. අවසර දුන්න කිව්වට අවසර දුන්නේ සමලිංගික විවාහයක් රූගත කරන්නද? මම හිතන්නේ නැහැ. අවසර ඉල්ලන්න ඇති විදේශිකයෝ ඉන්න රූගත කිරීමකට. නිකම් යන්න දුන්නේ අපරාදේ. හිරේ දාන්න තිබ්බේ හැමෝටම පාඩමක් විදිහට. අනිත් එක ලිපියක් අත්සන් කරගන්න තිබ්බ ගත්ත පින්තූර කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කියල. Delete කරා කිව්වේ මොකෙන්ද මේ පින්තූර ගත්තේ? වීඩියෝ කැමරාවක් නම් memory card එක පොලිස් භාරේට ගන්න තිබ්බ. මේ වගේ සිංහල ගෑනු blacklist කරන්න ඕනේ නැවත ලංකාවට එන්න බැරි වෙන්න. කවුද අර මට නම මතක නැහැ ඒ මහත්මයාට ලංකාවම කෘතවේදී වෙන්න ඕනේ ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා මේක නතර කරගත්තට. නැත්නම් මේකට ලෝකේ පුරා publicity දෙන්න ඉඩ තිබුන. එහෙම වුනා නම් අපේ සංස්කෘතිය, පවුල මූලික අපේ සමාජ වටිනාකම්, අපේ විවාහ චාරිත්‍ර වාරිත්‍ර මේ හැම දෙයකටම ලොකු කැලලක් වෙනවා.
Reply : 0 0
Kumar Wednesday, 03 April 2019 09:45 PM
දැන් නිලමේ ඇදුමෙන් සැරසෙන්න පිටරැටියන් අවසර ගන්නත් ඕනද? ඔය විරෝධය පලකල අය යටට අදින්නෙ රට අමුඩද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

