ප්‍රධාන දුෂණ නඩු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ ඇතිමන්දගාමීත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති මහජන විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බල පෑ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
විමර්ශනවල අපක්ෂපාතිත්වය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමට නම් දේශපාලන අධිකාරිය ඉන් වියුක්තව කටයුතු කල යුතු බවත්, දේශපාලනඥයින් සහ විමර්ශකයින් අතර තිබූ සදාචාරාත්මක නොවන සම්බන්ධතා ඇතුළු අතීත සිදුවීම් මඟින් නැවත නැවතත් අවධාරණය කරන බවත් එම ආයතනය සඳහන් කරයි.
එමආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, සාක්ෂිකරුවන්ගේ වෙනස් කරන ලද සාක්ෂි මත පදනම්ව, විමර්ශනනිලධාරීන්ට බරපතල චෝදනා එල්ල කිරීමේ සිදුවීම් මෑත අතීතයේදී අපි අත්විඳ ඇති අතර මෙම චෝදනා ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බවත්, මේවායේ නිරවද්‍යතාවය සොයා බැලීමට අදාල අධිකාරීන් කඩිනමින් නිසි පියවරයන් ගත යුතු බවත්ය.
ඔබේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
"පොලිස් විමර්ශනයන් සහ නඩු පැවරීම් කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීමට නම්, පවතින නීතිය යටතේ පොලීසියේ වගවීම සහතික කිරීම ඉතා තීරණාත්මක සාධකයක් වන බවයි. මෙය දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුවීම ඉතා අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුනහොත්, මෙම වගවීමේ ක්රියාවලියේවිශ්වසනීයත්වය අඩපන කිරීමට එයම හේතුවක් වනු ඇත”.
ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කලේ, පොලිස් නිලධාරීන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගයන් දේශපාලනික චේතනාවෙන් සිදුවන ක්‍රියාවන් ලෙස සමාජගත නොවීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. මක්නිසාද යත්, එවැනි මතයක් බොහෝ විට විමර්ශනනිලධාරීන්ට කරනු ලබන අනතුරු හැඟවීමක් ලෙස පෙනී යා හැකි අතර ලැබිය හැකි ප්‍රතිවිපාක හේතුවෙන්, බලයේ සිටින පුද්ගලයින්ට එරෙහිව කිසියම් හෝ විමර්ශන කටයුත්තක් සිදු කිරීමට ඉදිරියේදී ඔවුන් පසුබට වනු ඇත.