වියට්නාමයේ මාස තුනකට වැඩි කාලයකට පසුව රට තුළ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වූ දෙවැනි පුද්ගලයා තහවුරු කරගැනීමත් සමග එරට වඩාත් ජනප්‍රිය වෙරළ ගමනාන්තයක් තුළ සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.
ඉන් නොනැවතී වින්දන උද්‍යාන, රූපලාවණ්‍යාගාර, මත්පැන් ශාලා සහ සමාජ ශාලාද වසා දැමීමට නියෝග කර තිබේ. වියට්නාමයේ මේ දක්වා ආසාදිතයන් 420 දෙනෙකු වාර්තා කර ඇති අතර, ඉන් බහුතරය විදේශයන්හිදී වෛරසය ආසාදනය වූවන්ය. කෙසේ වෙතත් වෛරසය ඉතා කාර්යක්ෂමව පාලනය කළ වියට්නාමය තුළ එකදු මරණයක් වාර්තා වී නොමැත.