දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
අද (08) දින නුවරඑළියයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ,
ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග නිසා කොරෝනා වෛරසය පැතිර යන එකත් , වෛරසය හේතුවෙන් මිය යන පිරිස අවම කර ගන්න සමත් වෙලා තියෙනවා.
විපක්ෂය විවිධාකාර චෝදනා මේ අවස්ථාවේ එල්ල කරනවා. පළමුව ජනතාව දෙවනුව දේශපාලනය විදිහට හිතලා කටයුතු කරන්න කියලා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.
පසුගියදා එංගලන්තයේ ඉදලා ආව ශිෂ්‍යයන් ගුවන්තොටුපොලේදි පොඩි සිද්ධියක් ගැන කතා වෙනවා. ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ දරුවත් ඉන්නවා කියලා දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට චෝදනා කරනවා.
ඒ කොමිසමේ සමාජිකයෙක් වන හූල්ගේ දියණිය ඇවිල්ලා කියන දේ ගැන ඇයි කතා නොකරන්නේ . එක් පාර්ශිකව කටයුතු කරන්න හදන්නේ ඇයි?
ඔහු තමයි දින 52 ආණ්ඩුව ගැන විවිධ කටකතා ජාත්‍යන්තරයට පතුරවපු කෙනා, වත්මන් තත්ත්වය පිළිබදවත් විවිධ කටකතා හූල් නැමැත්තා විසින් ජාත්‍යන්තරයට පතුරවමින් අපේ රට ආගධයට ඇද දාන්න කටයුතු කරමින් සිටිනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පමණක් නෙවෙයි හූල්ගේ දරුවත් මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා.