වර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැති ජනතාවාදි පාලනයක් වෙනුවෙන් විද්වත් පෙළගැස්ම මාතලේ දිස්ත්‍රික් මහ සමුලුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසිය.
අපේ රට දිගු කාලිනව ගොඩනැගිමට නම් අපි කළ යුතු කාර්යන් රාශියක් තියෙනවා.අපි පොදු සම්මුතියකට ආ යුතුයි.අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කළ මේ පක්ෂ දෙකට රට ගොඩනගන්න බැහැ කියන එක අද ඔප්පු කරලා ඉවරයි.මේ කදවුරු දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. කිසිදු විවාදයක් නැතිව ඒ බව පසුගිය කාලය පුරාවම ඔප්පු කර හමාරයි. මේ මාසය තුළ එය වඩාත් හොදින් ඔප්පු කළා. තවදුරටත් මේ අය පිළිබදව අපි කතා කරලා වැඩක් නැහැ. මහින්ද.මෛත්‍රි රනිල් බැසිල් රවි.මලික් වැනි අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපිටත් දැන් කතා කරලා ඇති වෙලා තියෙන්නේ. මේ රටේ ඉතිහාසය කියවන කෙනෙකුට ආණ්ඩුවක් හදන්නේ කොහමද වට්ටන්නේ කොහමද කියලා ඔප්පු කරලා තියෙනවා.
මෙම සමුලුව අමතා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, රංගන ශිල්පි ජගත් මනුවර්ණ, හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.සි එම් රාෂික් යන මහත්වරුන්ද කතා කළ අතර මාතලේ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රි ගමගෙදර දිසානායක මහතා ඇතුලු විශාල පිරිසක් එක් වි සිටියහ.
රත්තොට- රුවන් ධනංජය