කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව” ජනාධිපතිතුමා අවධාණය කරයි.
අදාළ මූල්‍ය වර්ෂය සදහා වෙන්කර තිඛෙන සියලූ මුදල් නිසි පරිදි වැයකරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දෙනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලූවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රීයව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.
ජනතා සුබසෙත වෙනුවෙන් තම මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාවට නංවා තිඛෙන සියලූ විශේෂ ව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට දැනුම් දුන්නේය.
තවද,
රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ පක්ෂය තුළ නැති ප්රජාතන්ත්රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බවයි.
වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර, රටේ නීතිය සහ ප්රජාතන්ත්රවාදය පිළිබද ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්රජාතන්ත්රවාදී කරගතයුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.