දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ලබන වසරේදී ආර්ථිකයට දැරීමට සිදුවන වැය රුපියල් බිලියන 617ක් බවත් ඒ අනුව එක් පුද්ගලයෙකුට දැරීමට සිදුවන වැය රුපියල් 30000ක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම ගැන විවාදයක් නොමැති බවත් නමුත් ආර්ථික වශයෙන් හුදකලා වීම හරහා ඒය සිදුකර නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
“පළවෙනි සතු තුනේදී විතරක් බීලියන 45ක් රිටින් පිටට ගියා මෙහෙම ගියොත් බිලියන 240ක් පිටට යනවාසංචාරක පැමිණීමෙන් 20%ක් අපිට අහිමිවුණොත් අපිට රුපියල් බිලියන 150ක ආදායම් ප්‍රශ්ණයක් උදා වෙනවා.
ජාත්‍යන්ත මූල්‍ය අරමුදලට අපට දෙන රැකවරණයෙන් ඉවත් වුණොත් ඒ වගේම අඩුම තරමින් අපි විදෙශයන්ගෙන් ලබාගන්නා ණයවල පොලිය 3%කින් ඉහළ යෑමට නියමිතයි. මේක දැනටමත් සිදුවෙලා ඉවරයි.
අපිට තිබෙනවා සමස්ත විදේශීය මුදල් අවශ්‍යතාව ඩොලර් බිලියන 5.7ක්. ඒ අනුව වසර 10ක් තුළ අපිට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් වෙනවා. ජී.ඒස්.පී ප්ලස් සහනය අඩු වුණොත් බිලියන 70ක් පමණ අහිමි වෙනවා.
සහන මල්ල දෙන්න ලබන වසරේදී රුපියල් බිලියන 150ක පහණ බරක් වෙනවා. මේ කුමන්ත්‍රණයය හේතුවෙන් ලබන වසරේදී දැරීමට සිදුවන සමස්ත පාඩුව බිලියන 617 ක්. මේ හේතුවෙන් හැම පුද්ගලයෙක්ම රුපියල් 30000ක බරකට ලක්වෙනවා ලබන වසරේදී.
හම්බන්තොට ජනසතුකරනාව කිව්වද, සිංගප්පූරු ගිවිසුම අවලංගු කළාද, මත්තල ගුවන් තොටුපොළේ ක්‍රියාවලිය නැවැත්තුවද? රුපියල අවප්‍රමාණය වීම වැළැක්වුණාද මහින්දට ආර්ථිකය හදන්න පුළුවන් කියලා කරපු බොරුව දැන් ජනතාවට හෙළි වෙලා තිබෙනවා.මේ බොරු දේශප්‍රේමයට හා ජාතික ආර්ථිකය ගැන ජනතාව රැවටෙන්න ඕන නෑ.”