අන්තර්ගතය පාලනය කිරීමේ නීතිරීතිවලින් දේශපාලඥයන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අවසන් කිරීමට ෆේස්බුක් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
සියලුම පරිශීලකයන්ට එකම නීතිරීති අදාළ විය යුතු බව ෆේස්බුක් අධීක්ෂණ මණ්ඩලය පැවසීමෙන් පසුව මෙම වෙනස සිදුවන බව කියැවෙයි.
සමාගම විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් වූ තීන්දු තීරණ සමග සමාගමේ අධීක්ෂණ මණ්ඩලය විසින් කරන ලද නිර්දේශයන්ට ප්‍රතිචාර ලෙස මෙම නව නීතිරීති පැමිණෙනු ඇති බව සඳහන් වේ.
එහිදී නොබැඳි නිර්දේශවල කොටසක් ලෙස, අධීක්ෂණ මණ්ඩලය විසින් එකම නීතියක් සියලුම පරිශීලකයන්ට අදාළ විය යුතු බවත්, ෆේස්බුක් හි පවතින ප්‍රතිපත්ති, එනම් තොරතුරු ඉවත් කිරීමට තරම් ප්රවෘත්තිමය වටිනාකමක් තිබේද යන්න තීරණය කිරීම හෝ බලපෑම්කාරී ගිණුමක් මත ක්‍රියාමාර්ග ගැනීම වැනි දේ වඩාත් අවශ්‍ය විය යුතු බවත්, පැහැදිලිව පරිශීලකයන්ට සන්නිවේදනය කළ යුතු බවත් දක්වා තිබේ.
ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රතිපත්ති වෙනසක් සිකුරාදා වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කියැවේ. එනමුදු, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ෆේස්බුක් ප්‍රතික්ෂේප කළ බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන්ගේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ලෝක නායකයන් සහ දේශපාලඥයන්ගේ තාක්ෂණික වේදිකා මෑත වසරවලදී මතභේදයන්ට ලක්විය. කෙසේ වෙතත් ෆේස්බුක් සහ ට්විටර් දිගු කලක් තිස්සේ දේශපාලඥයන්ට සාමාන්‍ය කථිකයින්ට වඩා වේදිකාවල වැඩි ඉඩක් ලබාදුන් බවටද චෝදනා නැගුණි.
එහිදී මෙම නව නීතිරීති පිළිබඳ නිර්දේශ කර ඇති ෆේස්බුක් හි අධීක්ෂණ මණ්ඩලය, සමාගම විසින් අරමුදල් සපයන ස්වාධීන කණ්ඩායමක් බවද කියයි.