ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිකව අපේ පක්ෂයේ කණ්ඩායම් ඉදිරිපත් කරනු ලබන බවද නව දේශපාලන සම්ප්රදායක් මෙරට ආරම්භ කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (9) ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේදී පැවති ජනපතිවරණ ප්රචාරක ජනහමුවක් අමතමනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානයක මහතා ,
මා මේ වෙලාවේ ප්‍රතිඥාවක් දෙනවා. මම කරන්නේ දේශයට සේවයක් මිස පාලනයක් නම් නෙමේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ වසර දහය පහලව විස්ස මේකේ එල්ලිලා අපිත් වයසට ගිහිල්ලා පාර්ලිමෙන්තු යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.
මේ මැතිවරණය අපිට තීරණාත්මකයි. අපගේ බලය පෙන්විය යුතු අවස්ථාව පෙන්විය හැකි අවස්ථාව. මේ මැතිවරණයෙන් පසුව අපි ඊළඟ මහ මැතිවරණයට අපේ නිර්පාක්ෂික කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මම ඒක කියන්නේ ගොඩක් අය අහනවා මේ මැතිවරණයෙන් පස්සේ මහේෂ් සේනානායක වාෂ්ප වෙයිද කියලා. වාෂ්ප වෙන්නේ නෑ. අපි හැමදාම ඝනභාවිත වෙච්ච අය. අනිවාර්යයෙන්ම ඝන වෙලා ගල්වෙලා තමයි ඉන්නේ.
අපි මතක් කරන්නේ මේ ඡන්දෙන් පස්සේ අපි සුපිළිපන්න දේශයක් කරා යන ගමනේදී මේ රටේ ආගමික නායකයින් අපිට දුන්න නිර්ණායකයන් තුළ මාව තෝරා ගත්තා වගේ මේ කණ්ඩායම අනික් අයවත් තොරගෙන ඔවුන්ට දෙනවා අවස්ථාව මේ රට ඉදිරියට ගෙනියන්න.
පාර්ලිමෙන්තුවේ වාඩි වෙන්න පළාත් සභාවේ වාඩි වෙන්න. වෙනස් කරන්න බෑ එකපාරට මේවා. පළාත් පාලන ආයතනයේ වාඩි වෙන්න. වාඩි වෙලා ගම රට හදාගන්න අපිට පුළුවන් ඒකට නායකත්වය දෙන්න.
පසුගිය දවස්වල කොළඹඳී රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීම අවස්ථාවේදී කෙනෙක් නැගිටලා කිව්වා සීනුව පොලිස් කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා හැබැයි සීනුව බෙල්ලේ එල්ලා ගන්න කෙනෙක් නෑ කියලා
අපි ඔබතුමාට සලකන්නේ ඔබ තුමා බෙල්ලේ එල්ල ගත්තු නිසා කියලා. බෙල්ලේ එල්ලාගෙන ඉන්නේ මම දැන්. මම ඕන දේකට ලෑස්තියි. ඉස්සරහට තියපු කකුල පස්සට තියන කෙනෙක් නෙමේ.
මේ හමුදාවේ කතාවක් නෙමේ කියන්නේ ඊට පස්සේ මේ රටේ මොනවා උනත් ඉතිහාසයේ එහෙම වෙලා තියෙනවා. නීතියක් නොතිබුණ රටක් මේක. නමුත් දැන් තිබෙනවා. එම නිසා මම ශක්තිමත්ව ඔබට මේක කියන්නේ මම මේක අතාරින්නෙත් නෑ.
අතහරන්නේ නැතිව පැහැදිලිවම මේ මැතිවරණයෙන් පස්සෙත් ඔබලා සමග සිටිමින් මේ ජනතා ව්‍යාපාරය සමග සිටිමන් මේ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට මහේෂ් සේනානායක කියන පුද්ගලයා ඔබ සමග සිටින බව මා කියන්න කැමතියි. වසර හැත්තෑ එකක් තිස්සේ මේ දක්වා මේ රටේ මහජනතාව ගොනට අන්දවමින් මේ රටේ ජනතාව සූරා කමින් සොරකම් කරමින් අපිව වහලුන් බවට පත් කරමින් ඔවුන් විනොද උනා.
ඔවුන් පවුල් පිටින් හැදුනා. ඔවුන් පරම්පරාගතව හැදුනා. දේශපාලනය කියන එක රස්සාවක් කරගත්තා.
අපෙත් වරදක් තියෙනවා පහෙන් පහට හතෙන් හතට අපි මේ අයටම මේක දීපු එක. අද කාලය ඇවිල්ලා තියෙනවා මේ ක්‍රමවේදයට තිත තියන්නට.
ඒ නිසා තමයි අපි වගේ අයවලුනුත් මේ වගේ ජනතා ව්‍යාපාරයකට එකතු උනේ. පක්ෂයකට එකතු වෙන්නේ නැතිව. මම පෞද්ගලිකවම මේ මම ගත්ත තීරණය ගැන සංතෝෂ වෙනවා. මොකද මම මේ අතගහලා තියෙන්නේ පිනකටයි. මම සිංහල බෞද්ධයෙක්. මම මේ පිනකට අත ගහලා තියෙන්නේ.
මම බැරි වෙලාවත් කල්පනා කරලා දැනට සුමාන කීපයකට ඉස්සර වෙලා අනික් පැත්තට ගියා නම් මම ලොකු පවකට අත ගහන්නේ මේ රටේ. ඒ පවට අත ගැහුවා නම් ඊළඟ ආත්මෙත් මට වෙන්නේ පාපිස්සක් උඩ බුර බුර තමයි ඉන්න වෙන්නේ. මම දන්නවා මම මේ ගත්ත තීරණය නිසා එහෙම සිදු වන්නේ නැහැ. අපි මේ රට බේරා ගත්තා. මේ දේශපාලකයා කියන ත්රස්තවාදියාගෙන් රට බේරා ගන්න තමයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.