මේ වන විට දිවයිනේ පාසල් අතරින් 15%ක මදුරුවන් බෝවියහැකි පරිශ්‍ර පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදු කළ පර්යේෂණයකදී හෙළි වි තිබේ. වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 1/3ක්ම පාසල් වයසේ දරුවන් බවට හදුනාගෙන තිබේ.
මේ නිසා පාසල් පරිශුවලින් ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ඳහන් කරන ජාතික ඩෙංගු මර්දන ඒකකය පවතින වැසි තත්වය හමුවේ මෙම තත්වය පාලනය කිරිමට සියලු පාර්ශවල සහයෝගය අපේක්ෂා කරන බවත් ඔවූහු සදහන් කරති.
දිවයින පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 42663ක් වාර්තා වී ඇති බවත් එය පසුගිය වසර හා සැසඳිමේදී සියයට 70ක අඩුවීමක් බවත් ඩෙංගු මර්දන කාර්යාංශය සඳහන් කරයි.