ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අනුව බස්නාහිර,සබරගමුව පළාත් සහ ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලට මිලිලීටර් 100ක වැසි ඇතිවිය හැකිය.