කොවිඩ්-19 ප්‍රතිදේහ පරීක්ෂණයේ නව වටයකදී සෘණාත්මක ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොරෝනා පර්යේෂණ කණ්ඩායමට බ්‍රිතාන්‍ය විශේෂඥයාට ආරාධනා කිරීමට චීනය එකඟ වී ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
බ්‍රහස්පතින්දා සිංගප්පූරුවේදී සිදුකළ ප්‍රතිදේහ පරීක්ෂණයකදී වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් අනතුරුව චීනය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම රැගෙන පැමිණි යානයේ නොවූ සාමාජිකයින් දෙදෙනෙකු අතර මෙම බ්‍රිතාන්‍ය විශේෂඥයාද විය.
කෙසේ වෙතත් ප්‍රතිදේහ සඳහා වන තවත් පරීක්ෂණයකදී බ්‍රිතාන්‍ය විශේෂඥයා ඊට සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබී ඇති බව සිකුරාදා අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ ඔහුට දැන් රට තුළට ඇතුළු වීමට අවසරය ලැබෙන බවද පවසමිනි.
වසංගතයේ මූලාරම්භය පිළිබඳව ලොවපුරා සිදුකරන පර්යේෂණ මාලාවේ කොටසක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් චීනයේ වූහාන් වෙත පැමිණි අතර, ඔවුන් සියලු දෙනා ප්‍රතිදේහ පරීක්ෂණයන්ටද ලක්විය. එමෙන්ම වූහාන් හි දැනට ක්‍රියාත්මක නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරන බව කියයි.