සංචාරක ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයග්රහණය කිරීමට සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්රිකාව ජය ගත්තේය. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැතියේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකාව ලකුණු 157කට දැවී ගිය අතර දකුණු අප්රිකාව ලකුණු 302ක් රැස් කළේය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 211කට සීමා විය. ඒ අනුව දකුණ අප්රිකාවට ලකුණු 67ක ඉලක්කයක් හිමිවූ අතර එය කිසිවෙකු නොදැවී පසුකර යාමට දකුණු අපිකාව සමත්විය.
තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානය ඩීන් එල්ගාර් දිනා ගත්තේය.