ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි .
ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු ඉකුත් 29 වැනිදින මෙරටට පැමිණ ඇත. පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු ඉකුත් 01වැනිදින හම්බන්තොට රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝගවිද්යාඥවරයා සදහන් කළේය.
ඉන්පසු අනික් මුහුදු ආරක්ෂකයින් 13 දෙනා හෝටලය නිරෝධායනය කිරිමට කටයුතු කර ඇත. මොවුන්ට සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ වලදි තවත් මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් (02දා) තහවුරු වීමෙන් පසු එම මුහුදු ආරක්ෂකයින් දෙදෙනා ද වැඩි දුර ප්‍රතිකාර කටයුතු සඳහා හම්බන්තොට රෝහලට යොමු කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.