කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් දිවි ගලවා ගැනීමට පොඩි හෝ අවස්ථාවක් ඇති රෝගීන් පමණක් රෝහල් වෙත රැගෙන එන ලෙස ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ හදිසි වෛද්‍ය සේවා ඒජන්සිය විසින් එරට ගිලන්රථ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.
ලොස් ඇන්ජලීස් සහ දකුණු කැලිෆෝනියාව නව කොරෝනා වෛරසය හේතුවෙන් රටේ දරුණුතම වසංගත තත්ත්වයෙන් පීඩා විඳින අතර, කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා ආසාදිතයන් වැඩි වශයෙන් රෝහල්ගත වීම නිසා පසුගිය මාසයේදී දකුණු කැලිෆෝනියාවේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 0%ක් දක්වා පහත වැටුණි.
මේ තත්ත්වය තුළ බොහෝ වෛද්‍ය පහසුකම් දිවි ගලවා ගැනීමට අවස්ථාවක් නොමැති රෝගීන් සඳහා යොදා ගැනීමට ඉඩක් නොමැති බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ හදිසි වෛද්‍ය සේවා ඒජන්සිය පවසයි. ඒ අනුව මෙවැනි ඛේදජනක තත්ත්වයක් මේ වනවිට කොරෝනා වසංගතය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උද්ගතව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.