ඉන්දියාවේ නව දිල්ලි රජය විසින් සඳුදා නිකුත් කරන ලද නියෝගයකට අනුව, අති විශේෂ කොරෝනා ගාස්තුවක් ලෙස සඳහන් කරමින් මත්පැන් සිල්ලර මිලට 70%ක බද්දක් පනවා තිබේ.
සති පහකට පසුව මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමත් සමග පිරිස් මත්පැන් සැල් අසල සමාජ දුරස්ථකරණ නීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම බද්ද නියම කර ඇති අතර, දැන් ඕනෑම අයෙකුට බද්ද ගෙවීමකින් තොරව මත්පැන් මිලට ගත නොහැකි වෙයි.
නව දිල්ලියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ සඳුදා මත්පැන් සැල් විවෘත කිරීමත් සමග ඒවා අසල දිගු පෝලිම් පැවති බවත්, ජනතාව ඉවක් බවක් නොමැතිව හැසිරුණු බවයි.
පසුගිය මාර්තු 25දා සිට ඉන්දියාව අගුලු දමා ඇත. මරණ 1,568ක් ඇතුළුව කොරෝනා වෛරස ආසාදිතයන් 46,433ක් රට තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි.