දරුවන්ට නිදහසේ ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් මේ රටට අවශ්‍යයි - අගමැති
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 02 දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්” යැයි ද ප්‍රකාශ කළේය.
සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, නැවත එළඹී ඇති බවත්, ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ සිට ඔබ පාසල් යනවිට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹ ඇති බවත්, අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
2020 - ලෝක ළමා දිනයට සමඟාමීව සමරු මුද්දරයක් හා මුල් දින කවරය එළි දැක්වීම ද මෙහිදී සිදු විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

