දරුවන් පිහිටුවිමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.
දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ,
අද මතුව තිබෙන විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බවයි. වත්මන් දරු පරපුරට එල්ලවී ඇති අභියෝග පිළිබඳ සෑම ක්ෂේත්රයකම පුළුල් සංවාදයක් ඇති කිරීම සහ සාකච්ජාවට ලක් කිරීම එහි අරමුණ බව ජනාධිපතිතුමා කියා සිටියේය.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Thursday, 21 February 2019 06:14 AM
අරමුදලකින් දරුවන් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අපට නම් හිතා ගන්න අමාරුයි. වෙනත් රටවලත් දරුවන් ආරක්ෂා වෙන්නේ අරමුදල් තිබිලද? රටේ මුළු ජනතාවටම දේශපාලුවන්ගෙන් ආරක්ෂා වෙන්න අරමුදලක් පටන් ගත්තා නම් ඔයිට වැඩිය නරකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
