කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තවදුරටත් වේගවත් විය හැකි සහ නරක අතට හැරෙන ප්‍රවණතාවක් නිසා වසරකට ලක්ෂ ගණනක් මිනිසුන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
දීර්ඝ වැඩ කරන වේලාවන් හා සම්බන්ධ ජීවිත හානිය පිළිබඳ ප්‍රථම ගෝලීය අධ්‍යයනයේදී පෙන්නුම් කළේ 2016දී දීර්ඝ සේවා කාලය හා සම්බන්ධ ආඝාත හා හෘද රෝග තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් 745,000ක් මිය ගොස් ඇති බවය.
එය වඩාත් බරපතළ තත්ත්වයක් වන්නේ වර්ෂ 2000 සිට මෙම අගය 30%කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරන නිසාය.
"සතියකට පැය 55 ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම බරපතළ සෞඛ්‍ය අනතුරක්" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිසර, දේශගුණික විපර්යාස හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මාරියා නීරා පැවසුවාය.
"මේ තොරතුරු සමග අපට කිරීමට අවශ්‍ය වන්නේ වැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමයි. එනම්, සේවකයන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමයි" යැයි ඇය පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිදුකරන ලද ඒකාබද්ධ අධ්‍යයනයෙන් හෙළි වූයේ මීට ගොදුරු වන බොහෝ වින්දිතයින් (72%) පුරුෂ පාර්ශ්වය බවයි. ඒ අතර ඔවුන් මැදිවියේ හෝ ඊට වැඩි අය බවද කියයි.
අග්නිදිග ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ වෙසෙන ජනතාව මෙහිදී වැඩි අවධානයකට යොමුවී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වය සඳහා නිර්වචනය කරන ලද ප්‍රදේශයන්ටද ඒවා අයත් වෙයි.
සමස්තයක් ලෙස ගත්විට, රටවල් 194ක දත්ත උපයෝගී කර ගනිමින් කරන ලද අධ්‍යයනයකින් කියැවුණේ සතියකට පැය 35-40ක් වැඩ කරනවා වෙනුවට, පැය 55ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම සැසඳීමේදී ආඝාතය සඳහා 35%ක ඉහළ අවදානමක් සහ හෘද රෝගවලින් මියයාමේ 17%ක වැඩි අවදානමක් ඇති බවය.
මෙම අධ්‍යයනයෙන් 2000-2016 කාල පරිච්ඡේදය ආවරණය වූ අතර කොවිඩ්-19 වසංගතය එයට ඇතුළත් නොවූ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පැවසුවේ කොරෝනා වෛරස් හදිසි අවස්ථාව හේතුවෙන් ඇති වන ගෝලීය ආර්ථික මන්දගාමිත්වයද, වැඩි කාලයක් වැඩ කිරීමට යොමු කිරීමෙන් මෙම අවදානම් වැඩි කිරීමට ඉඩ ඇති බවයි.
"වසංගතය විසින් වැඩ කරන කාලය වැඩි කිරීමේ ප්‍රවණතාව පෝෂණය කළ හැකි වර්ධනයන් වේගවත් කරනවා" ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවම වශයෙන් 9%ක් දෙනා දැන් දිගු වේලාවක් වැඩ කරන බවයි.
වසංගතය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් ඇතුළු ඔවුන්ද බොහෝ වේලාවක් වැඩ කර ඇති බව පවසන නීරා පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ ඒජන්සිය මෙම අධ්‍යයනයෙන් පසුව තම ආයතනයේ ප්රතිපත්තියද වැඩිදියුණු කිරීමට උත්සාහ කරන බවයි.
සේවක ඵලදායීතාව ඉහළ නැංවීමට නම් සේවා යෝජකයන් විසින් නිශ්චිත පැය ගණනක් වැඩ කිරීමට සිය සේවකයන් යොදා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිලධාරී ෆ්රෑන්ක් පෙගා පැවසීය.
"ආර්ථික අර්බුදයකදී වුවද දීර්ඝ සේවා කාලය තවත් වැඩි නොකිරීම ඇත්තෙන්ම හොඳ තේරීමක්." පෙගා වැඩිදුරටත් පැවසීය.