දයාසිරි පොෙහොට්ටුවට ගන්න මල් වට්ටියක් නෙමෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගැනීමට තරම් මල්වට්ටියක් නොවන බවත්, ඔහුට එක වතාවක් පොදුජන පෙරමුණ එපා නම් සිය වතාවක් පොදුජන පෙරමුණට ඔහු එපා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා පක්ෂ මාරු කරන පුද්ගලයෙකු ලෙස රටටම හඳුනා ගෙන තිබෙන බවත්, 16 කණ්ඩායම තුළ රට ගැන හිතන මන්ත්‍රීවරුන් සිටින බවත් පැවසූ හෙතෙම, දයාසිරි ජයසේකර මහතා ළංකර ගැනීමට තරම් පොදුජන පෙරමුණේ ග්‍රාමීය ඡන්ද පදනමට අහේනියක් සිදුව නැති බව කියා සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කුරුණැගල දිස්ත්‍රික්කය තුළ පොදුජන පෙරමුණේ ග්‍රාමීය ඡන්ද පදනම සකස් කිරීම සඳහා සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරුන් සිටින බවත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා නොමැතිව එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකිවූ බවත්ය.

-
Gettupaala Wednesday, 04 July 2018 05:46 AM
Raththaran maala vitharayi ganne neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

