විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දියඇල්ලට ඉහළින් ඇති ජලවළකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
ඔහු සෙල්ෆි ජායාරූපයක් ගැනීමට සැරසෙද්දි මෙම අනතුරට මුහුණ පා තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇල්ල පදිංචි ගයාන් වීරසිංහ නැමත්තෙකි. ඔහු තම ත්රිරෝද රථයෙන් විදේශිය සංචාරකයන් දෙදෙනා හා තම ඥාති සොයුරෙක්ද සමග මෙම ගමන පැමිණ තිබිණ .
පාලිත ආරියවංශ