මහරගම ඇරැව්වල කෝටි 700 දියමන්තිය කොල්ල කෑම සිද්ධියේ සැකකරුවකු වූ" දියගම මංජු " නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයකු සමඟ ත්රිරෝද රථයකින් හොරෙයින් මත්කුඩු ප්රවාහනය කරමින් සිටියදී කළුතර උතුර ඇලමෝදර ප්රදේශයේදී පෙරේදා 22 අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තිකේ තිබී රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු ග්රෑම් දහයක් හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කෝටි 700 දියමන්තිය කොල්ල කෑමේ ප්රධාන සැකකරු කැලුම් නොහොත් කැවුමා නැමැත්තා ගේ ප්රධාන ගෝලයා වූ දියගම මංජු නැමැත්තා මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පණ්ඩිත රත්නගේ වීරසේන මහතාට ඔත්තුකරුවෙකු ගෙන් ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා ත්රිරෝද රථයේ යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.