ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ගැනිම සඳහා දියකාවා යුද අභ්‍යාසය සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පැවැති දියකාවා යුද අභ්‍යාසයේ 10 වෙනි අදියයේ අවසන් දින උත්සවයට සහභාගි වෙමිනි.
“ශ්‍රී ලංකාවට මෙන්ම දෙස් විදේස් රටවල ආරක්ෂක කටයුතු සාර්ථක කර ගැනිම සඳහා මේ යුද අභියාසය හොඳ අත්දැකීමක්” යැයි ඔහු පැවැසීය.
පුරා දින 21ක් ශ්‍රි ලංකා යුද හමුදාවේ 2400ක්, නාවික හමුදාවේ 400ක්, ගුවන් හමුදාවේ 200ක් සහ විදේශිය හමුදාවේ 100ක් පමණ සහභාගීත්වයෙන් මෙම යුද අභ්‍යාසය පැවැතියේය.
හිඟුරක්ගොඩ පියතිලක