දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සිවුදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (25) සවස වෙන්නප්පුව කම්මල වෙරළේ දිය නාමින් සිටි පිරිමි පුද්ගලයින් හතරක් හා කාන්තාවක් රළ පාරට හසුව ගසාගෙන යමින් සිටියදී පිරිමි පුද්ගලයන් තිදෙනෙක් හා කාන්තාව බේරාගෙන ඇත. මෙසේ බේරාගත් පිරිමි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් මාරවිල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇත. තවත් පිරිමි පුද්ගලයෙක් අතුරුදන්ව ඇත.
ඊයේ දිනයේදීම බණ්ඩාරවෙල ඹබරගම ඇල්ලෙන් ගලා බසින ඔයේ දින නාමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අතරින් දෙදෙනෙක් ජල පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී තිබේ.
ඊයේ දිනයේදීම පන්නල, නැගිණිගම්මාන මා ඔයේ දිය නාමින් සිටි තරුණයන් පස් දෙනෙක් අතරින් එක් අයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.