ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික ආයතන අද දින (11) සීමාවන් සහිතව විවෘත කිරීමට රජය ගත් තීරණය පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය ද සෞඛ්‍ය උපදෙස් පරිදි ප්‍රවාහ සේවා සැලසීමට සුදුසු පියවර ගත්තේය.
ඒ් අනුව අද දින කොළඹ පිහිටි කාර්යාලවල සේවයට දුම්රියෙන් පැමිණිමට පුද්ගලයින් 2800ක් ඉල්ලුම් කර තිබුණත් දුම්රියෙන් සේවයට පැමිණ සිටියේ පුද්ගලයින් 997ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
ඉල්ලුම් කළ සියලු පුද්ගලයින්ට ප්‍රවාහණ පහසුකම් සැලසීමට දුම්රිය 47ක් යොදවා තිබුණත් ඉල්ලුම් කළ පුද්ගලයින් නොපැමිණිම හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය කිරීමට සළස්වනු ලැබීය.
එමෙන්ම දිවයින පුරා බස් රථ 5200ක් ධාවනය සඳහා යෙදීමට සැලසුම් කර තිබු අතර ධාවනය කරන ලද්දේ බස් රථ 3200ක් පමණි.
විශේෂයෙන් බස් රථවල සේවය කරන කාර්ය මණ්ඩලවලට සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ඇඳිරි නීති තත්ත්වය මත අපහසු වීම ඊට බලපෑ බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා අද දින (11) පස්වරුවේ කොලඹ කොටුවේ දුම්රිය ස්ථානයට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේය.
විශේෂයෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන මගින්ගේ ශරීර උෂ්ණත්වය මැන බලන අධිසංවේදි කැමරා පද්ධතිය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කලේය.
එමෙන්ම කොවිඩ් 19 පරාද කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ ශක්තිමත් කරමින් තවදුරත් අඛණ්ඩව සියලු දුම්රිය ස්ථාන, බස් රථ නැවතුම් පොළවල්, හා දුම්රිය මැඳිරි මෙන්ම බස් රථ ද විෂබීජානුහරණය කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඇතැම් ප්‍රදේශවලින් ලංගම බස් රථ මගින්, මගීන් ප්රවාහණය කිරීමේ දි යම් යම් අඩුලුහුඩුතා සිදුව ඇති බව වාර්තා වන බව සඳහන් කළ අමාත්‍යවරයා සමස්තයක් වශයෙන් ගත් කළ අද දින මගි ප්‍රවාහණ සේවාවන් සතුටුදායක මට්ටමින් හා උපරිම අයුරින් සැලසීමට හැකි වු බව සඳහන් කළේය.
හෙට දින (12) සියලුම පුද්ගලික බස් රථ ධාවන සමිති සමග සාකච්ඡා කර ඉදිරියේ දී පුද්ගලික බස් රථ ද මගි ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අවශ්‍ය නම් ඒ් සඳහාත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.