වැටුප් ඉහළ දැමිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහ ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.
මේ හේතුවෙන් දිනපතා සේවා ස්ථාන සඳහා දුම්රියෙන් ගමන් ගන්නා මගීන් මෙන්ම පාසල් සිසුන් හා ගුරුවරුන්ද මහත් අසීරුතාවකට පත්විය.
කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමටත් වෘත්තිය සමිති කටයුතු කර තිබුණ අතර එය මගීන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.