කොළඹ සිට මඩකපුව බලා ධාවනය වන මගී දුම්රියට අද (24දා) අලුයම ගල්ඔය සුසාන භූමිය අසළ දී දුම්රිය මාර්ගය හරහා ගමන් කරම්න් සිටි ඇතින්නක්ට ගැටී මරණයට පත්ව ඇති අතර තවත් අලි පැටවෙක් බරපතල ලෙස තුවාල ලබා තිබේ.
මරණයට පත්ව ඇති ඇතින්න වයස අවුරුදු 20ක පමණ බවත් බරපතල තුවාල ලබා ඇති වනඅලි පැටියා මාස 6ක් පමණ බව වනජිවි නිළධාරින් පවසයි.
මෙම අනතුර සිදුව ඇති ප්‍රදේශය කවුඩුල්ල ජාතික උද්‍යානයට අයත් ප්‍රදේශයක් බවත් වනඅලි නිතර ගැවසෙන ප්‍රදේශයක් වන බව වනජිවි නිළදාරිහු පවසති.
වනජිවි පශු වෛද්‍ය නිළධාරින් වෙත සිද්ධිය පිළිබඳව දැනුම් දි ඇති බවත් බරපතල තුවාල ලබා ඇති වනඅලි පැටියාට ප්‍රතිකාර කිරිමට නියමිත බව වනජිවි නිළධාරින් කිය.